දන්නැති කඩ්ඩෙන් මෙච්චර කල් බ්ලොග් ලිවූ මට සිංහලෙන් බ්ලොග් ලිවීමට සිතක් පහළ වුනෙහුය. රත්ගමයාගේ කබ්බ ( :පී ) බ්ලොග් කියවන විට මෙයත් කජ්ජක්ද යැයි සිතුනමුත් මේ පේලි දෙක ටයිප් කිරීමට විදින්න සිදුවූ දුක්ක සමුදායෙන් මට සිංහල බ්ලොග් ලිවීමේ චාතුරාර්ය සත්‍ය අවබෝධ වුනෙමුය.
කෙසේ වුවත් පටන් ගත් දේ අවසාන කල යුතුවැ. සුදීක අයියාගෙන්වත් ටයිප් කරනා හැටි අසා ගත යුතුවැ. නැතහොත් ඇඟිලි වලට ගාන්න තෙල් ජාතියක් සොයා ගත යුතුවැ. ("යුතුවැ" පාවිච්චි කිරීමද වැඩි බව දැන් දැන් පසක් වෙනුයැ. :පී)
දැන් සිංහල බැරි සේ පෙනෙනමුත් අපි ඉස්සර සිංහල රචනා තරගවලින් කප් ගැසුවෝ වෙමුයැ. එහෙව් එකේ මෙය අත හැරීම නුවණට නොහුරුයැ. ඇයි යකෝ දෙවෙනි පේලියේ සිට හැම වචනෙම "යැ" යන්නෙන් ඉවර උනේ කියා ප්‍රශ්නයක් ඇති වෙන නමුත් එය ගැටළුවක් කොර ගත යුතු නැත. :පී
හෙට ෆට්ට බ්ලොග් පෝස්ට් එකකින් හමු වෙමුයැ...
Sudeeka Ayya tami mehata ena para kiwy.
ReplyDeletePata..patama Blog post ekak liyana.
Jayawewa